ආපදාවෙන් විපතට පත් කිසිවෙකුත් අත් නොහරින බවත්, සියලු දෙනාට උපකාර කිරීමට කටයුතු කරන බවට ජනාධිපතිවරයා ද ප්‍රකාශ කර ඇති බවත් අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
සෑම වැටුණු අයෙකුම නැගිට්ටවන බවත්, සමහර දේවල් තිබුණාටත් වඩා උඩට ගෙන ඒමට කටයුතු කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
තමා බිය විය යුත්තේ තමන්ට වඩා ගුණයෙන් ඉහළ කෙනෙකු තමාව විවේචනය කිරීමට බවත්, එලෙස නොමැති අය කරන විවේචන සැලකිල්ලට ලක් නොකළ යුතු බවයි අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
Source – Esana







