මේ තවත් තරුණයෙකුට දිවි අහිමි කළ මාරක අනතුරක් ගැන ඇහෙන කතාවක්.
හොරණ ඉලිඹ හන්දිය අසල තරගෙට යතුරු පැදි දෙකක් මෝටර් රථයක ගැටීමෙන් එක් තරුණයකු දිවි අහිමි වූ පුවතක් වාර්තා වුණ
අනතුරින් තුවාල ලැබූ අනිත් තරුණයා රෝහල්ගත කළ බව පොලිසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ හොරණ ගුරුගොඩ ප්‍රදේශයේ පදිංචි දාහත් හැවිරිදි ශෂී නැමැති තරුණයෙක්.
ඉංගිරිය දෙස සිට හොරණ දෙසට යතුරුපැදි දෙක වේගයෙන් ධාවනය කරමින් සිටියදී හොරණ සිට ඉංඟිරිය ප්‍රදේශයට ගමන් කරමින් සිටි මෝටර් රථයක් අතුරු මාර්ගයකට හැරවීමට යාමේදී වේගයෙන් ධාවනය වූ යතුරුපැදි දෙක මෝටර් රථයේ ගැටී මෙම අනතුර සිදුව තිබුණා.
අනතුරින් යතුරුපැදි දෙක පැදවු තරුණයන් දෙදෙනා බරපතල තුවාල ලබා හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දාහත් හැවිරිදි තරුණයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති අතර එහිදී මියගිය බව සදහන්.
අනතුරින් යතුරුපැදි දෙකට සහ මෝටර් රථයට බරපතල හානි සිදුව තිබු අතර සිද්ධියෙන් පසුව මෝටර් රථයේ රියැදුරු හොරණ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අනතුර සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ විවිධ සටහන් දැක්වෙන අතර මේ එවැනි සටහක්…
ආදරණීය මල්ලී..
වේගය මරු නිසා උබ වේගෙන් යයි, ගිහිල්ලා තවත් අහිංසක මනුස්සයෙක් දෙන්නෙක්වත් අමාරුවේ දාගෙන එලොව යයි, එකටම හිටපු යාලුවෝ දහදෙනාගෙන් නමයක්ම හෙමීට නොදැක්කා සේ එතනින් මාරු වෙයි, සංසාරෙන්ම ආපු එකෙක් විතරක් නඩුව කරගහන්න හරි කියලා එතන ඉදියි, උබ හැප්පුන විදිහ විඩියෝ පොටෝ මිනිස්සුන්ව දැනුවත් කරන්න සෝෂල් මීඩියා දායි, ඒවා ෂෙයා කර කර සිය දහස් ගණන් දෙනා තවත් එලොව ගිය උබට සහ උබව බිහි කරපුවුන්ටත් එක්ක දෙස් තියයි, මලගම තිබ්බා දානමාන දුන්නා සතියයි දෙකයි උබව කාටවත් මතක නෑ රත්තරන්… හැබැයි ඔය මීටරේ අලවලා තියෙන කොලේ පලවන වචනේ කෙනා මුලු ජීවිත කාලෙම ඔය කොලේ ලියලා තියෙන විදිහට ඉදීවි ..
– සිරිවර්ධන අයියා
Source – Hiru Gossip







