BREAKING NEWS
Search

කතානායකගේ අධ්‍යාපන සුදුසුකම් ඉක්මනටම පෙන්නනවා..! – ඇමති නලින්ද ජයතිස්ස (VIDEO)

192

අශෝක රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වුනත් ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් දින කිහිපයක් ඇතුළත ඉදිරිපත් කරනු ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

නමුත් මේ මොහොතේ ඔහුට එම සුදුසුකම් ඉදිරිපත් කිරීමට නොහැකි නිසා සදාචාරාත්මකව ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවද හෙතෙම කියා සිටියේය.

මීට වඩා බොහෝ බරපතළ දේ ඉතිහාසයේදී සිදුවී ඇතත් මෙවන් දේශපාලන වගවීමක් වගකීමක් සිදුවී නැති බවද අමාත්‍යවරයා කියා සිටී.

වත්මන් ආණ්ඩුවට ජනවරම ලැබුණේ වෙනස් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා බවත් කතානායකවරයා ඒ නිසා තම ඉල්ලා අස්වීම භාර දුන් බවද හෙතෙම ජන හමුවක් අමතමින් කියා සිටියේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!