BREAKING NEWS
Search

රටේම රිලවුන් වෙනම දූපතකට..! – කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත

43

මෙරට රිලා ගහණය පාලනය කිරීමට අනිවාර්යෙන්ම කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

මිනිසා ඉදිරියට විසඳුම නොමැති ප්‍රශ්න පැමිණෙන්නේ නැති බවද පැවසූ ඔහු මෙම ප්‍රශ්නය සඳහාද විවිධ ව්‍යාපෘති වලින් දැනටමත් සලකා බලමින් ඇති බවද කියා සිටියේය.

“අපි අධිෂ්ඨානයක ඉන්නවා රිළවුන් ඇතුළු වනසතුන් ගොවි බිම්වලින් ඉවත් කරන්න. ඒක ස්ථිරව කරනවා ඒක නොකර කෘෂි කර්මාන්තයක් ගැන කතා කරන්න බැහැ.

කෘෂිකර්මාන්තය විතරක් නෙමෙයි ජන ජීවිතයේ අනෙකුත් පැතිකඩත් බිඳ වැටිලා තියෙන්නේ. කවුරුත් සැකයක් තියාගන්න එපා මොන අභියෝගය ආවත් ඒක විසඳනවා.

රට යැවීම ගැනත් සලකා බලනවා. අපේ රටේ දූපත් තියෙනවා. ඒ දූපත්වලට යැවීම සම්බන්ධයෙනුත් ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් එකක් සකස් කරමින් තියෙනවා ඒක සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ වන ආකාරයට.

ඒ නිසා සංචාරක කර්මාන්තයත්, ගොවිජන ජීවිතයත්, පොදුජන ජීවිතයත් සලකලා බලලා මේකට අපි උත්තරයක් හොයන්න අනිවාර්යයෙන්ම කටයුතු කරනවා.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *