BREAKING NEWS
Search

වගාහානි කරන වනසතුන්ට ඕන දෙයක් කරන්න දෙන්නැයි කියූ ඇමති ලාල්කාන්තට පක්‍ෂව විරෝධතා..!

211

වගා හානි සිදු කරන වන සතුන් විනාශ කළ යුතුයැයි කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල් කාන්ත මහතා විසින් කරන ලද ප්‍රකාශයට එරෙහිව විරෝධතා පැවැත්වූ පරිසර සංවිධාන වලට එරෙහි විරෝධතාවයක් කෑගල්ල නගරයේදී පැවැත්විණ.

එය සංවිධානය කර තිබුණේ සියඹලාපිටිය තරුණ සංවිධානය විසිනි.

විරෝධතා කරුවන් පෙන්වා දුන්නේ තම වගාවන්ට පැමිණෙන වන සතුන් සිදුකර ඇති වගා හානි දැක බලා ගන්නා ලෙස අදාළ පරිසර සංවිධාන වලට ආරාධනා කරන බවයි.

ලාල් කාන්ත මහතාගේ ප්‍රකාශයට එරෙහිව කොළඹදී පරිසර සංවිධාන රැසක් විරෝධතා පැවැත්වූ අතර පරිසරවේදීන්ද සිය විරෝධය ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබිණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!