BREAKING NEWS
Search

කුණාටුව එද්දී මාලිමාණ්ඩුව තිබ්බ නිසා හොදට ගියා.. වෙන ආණ්ඩු තිබ්බනං විනාශයි..

516

 

 

 

රට මුහුණ දුන් බිහිසුණු ස්වභාවික ව්‍යසනයෙන් අනතුරුව ආණ්ඩුව ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල, ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ද ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් පැසසුමට ලක් කරයි.

උන්වහන්සේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අවධාරණය කළේ, වර්තමාන රජය බලයේ නොසිටියා නම්, මීට ඉහත පැවති රජයක් යටතේ මේ තරම් විශාල ව්‍යසන තත්ත්වයකට මුහුණ දීමට සිදුවීමේදී රටට සිදුවිය හැකි හානියේ බරපතලකම සිතා ගැනීමට පවා අපහසු බවයි.

ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියන්ගේ ප්‍රකාශය වූයේ, “ජාතික ජන බලවේගයේ රජයක් නොවී ඊට පෙර පැවති රජයක් බලයේ සිටියා නම්, මෙම මහා විනාශය හමුවේ අපගේ ඉරණම කෙබඳු වේදැයි අනුමාන කිරීම පවා අපහසු” බවයි.

වකමුල්ලේ උදිත හිමියන් තවදුරටත් කියා සිටියේ, මෙම තත්වය “ද්වේශයෙන් හෝ ඊර්ෂ්‍යාවෙන් තොරව කල්පනා කරන සෑම අයෙකුම එක හඬින් පිළිගන්නා” කරුණක් බවයි.

එපමණක් නොව, ශ්‍රී ලංකාවේ මෙම ආපදා කළමනාකරණ ප්‍රයත්නය පිළිබඳව විදේශීය රාජ්‍ය නායකයන් සහ පොදු ජනතාව පවා යහපත් අදහස් පළ කරන බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.

Source – lanka C news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!