BREAKING NEWS
Search

කෝටි 200කට වැඩි වත්කම් තියෙන ජයකොඩි වලව්වේ බිරිඳගේ දේහය රියදුරුට භාර දුන්නේ ඇයි ? රටම හොයන ආන්දෝලනාත්මක පුවතක් මෙන්න…

503

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කමලවර්ණ ජයකොඩි හෙවත් ගණේමුල්ල, වැලිපිල්ලෑව ජයකොඩි වලව්වේ හිමිකරුගේ බිරිය වන එම වලව්වේ හිමිකාරිය බව කියන කාන්ති ස්වර්ණමාලී මීදෙණිය ජයකොඩි මහත්මිය මිය යාමෙන් පසුව, එම දේහය ඇයගේ රියැදුරු වන කේ.ඒ.ඩී. රෝහිත යන අයට භාරදී ඇති බවට පුවතක් මෙරට ජාතික පුවත්පතක් වාර්තා කරනවා.

ඒ, වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද නියෝගයකට අනුවයි.

මිය යන විට 74 වැනි වියේ පසුවූ කාන්ති ස්වර්ණමාලී මීදෙණිය ජයකොඩි මහත්මියව, අවසන් කාලයේදී රැකබලාගෙන ඇත්තේ ඇගේ රියැදුරු විසින් බව සඳහන්.

මියගිය කාන්තාවගේ මෘත දේහය එසේ ඇයගේ රියැදුරු වෙත භාර දීමට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත්තේ, එම මෘත දේහය භාර ගැනීමට පවුලේ ඥතීන් විශාල පිරිසක් ඉදිරිපත්ව ඇති නිසාවෙන්.

ඒ අනුව ඇයගේ මළ සිරුර දින හයක පමණ කාලයක් රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තබා අනතුරුව මෙලෙස රියැදුරුට භාරදීමට කටයුතු කර තිබෙනවා.

කාන්ති ස්වර්ණමාලී මීදෙණිය ජයකොඩි මහත්මිය රෝගී තත්ත්වයක් හේතුවෙන් ගණේමුල්ල, වැලිපිල්ලෑව ජයකොඩි වලව්වේදී මියගොස් ඇත්තේ මීට දින හතකට පමණ පෙරදී බව සඳහන්.

අනතුරුව රාගම ශික්ෂණ රෝහලේ ත්‍රිපුද්ගල අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් මෙම සිරුර සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර තිබෙනවා.

එහිදී අනාවරණයව ඇත්තේ මෙම මරණය රෝගී තත්ත්වයක් හේතුවෙන් සිදුවූ ස්වභාවික මරණයක් වන බවයි.

අනතුරුව ඇයගේ මෘතදේහය ඇයගේ රියැදුරා විසින් භාරගෙන එය ගණේමුල්ල, වැලිපිල්ලෑව ප්‍රදේශයේ පිහිටි ජයකොඩි වලව්ව වෙත ගෙන ගොස් පසුගිය 22වැතිදා පොල්හේන පොදු සුසාන භූමියේදි අවසන් කටයුතු සිදුකර තිබෙනවා.

එම කාන්තාව මිය යන විට ඇය සතුව රුපියල් කෝටි දෙසීයක් පමණ වත්කම් තිබී ඇති බව සඳහන්.

එම පරපුර විසින් ගණේමුල්ල, කොමාන්ඩෝ යුද හමුදා කඳවුරට, වැලිපිල්ලෑව ජයකොඩි මහා විද්‍යාලයට සහ ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථාන රැසකට තමන් සතු ඉඩ කඩම් රැසක් නොමිලේ පරිත්‍යාග කර ඇති බවත් සඳහන්.

උපුටා ගැනීම – දිනමිණ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!