BREAKING NEWS
Search

පොලිසියේ ඉහළ පුටු පෙරෙලෙයි ?

4170

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලන තනතුරෙන් ඉවත් කිරීමට පොලිස් කොමිසම අනුමැතිය ලබාදී ඇතැයි වාර්තා වේ.

ඒ, පොලිස්පතිවරයා විසින් ලිඛිතව කරන ලද ඉල්ලීමකට අනුව බව ද පැවසේ.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක  මධ්‍යම පළාත භාර ලෙස පමණක් කටයුතු කරනු ඇත.

මීට අමතරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලන තනතුරට පත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

ඔහු මෙතෙක් දැරූ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට සජීව මැදවත්ත පත්කරනු ඇති බවටද පැවසේ.

| nethnews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!