අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහභාගි වූ යේ සාකච්ඡාවක පසු පසින් තිබූ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පින්තූරය බොඳ කිරීමට කටයුතු කර ඇත.
නමුත් මාධ්‍යන්හි විකාශනය වූ දර්ශනයන්හි පැහැදිලිවම මහින්ද රාජපක්ෂ මහතාගේ පින්තූරය එකී ස්ථානයේ දක්නට ලැබේ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද පින්තූරවල දැක්වෙන්නේ අදාළ පින්තූර බොඳ කරමිනි.
මේ සම්බන්ධයෙන් සමාජ ජාලාවල සංවාද ඇති වී තිබේ.
මේ ගැන මාධ්‍යවේදී සංජීව බටුවත්ත සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන,
” අග්‍රාමාත්‍යතුමියගෙ ෆොටෝ එකක් මහින්ද රාජපක්ෂව මකා දමපු එකක් හැමතැනම ෂෙයාර් වෙනවා. ඒකෙ සත්‍ය අසත්‍යතාවය තහවුරුකරගන්න බැරිවුනත් මම විශ්වාස තරනවා සමහර මාධ්‍යය ලේකම්වරුන් තමන්ගෙ ස්ටාෆ් එක ඉස්සරහ පොරවල් වෙන්න මේ වගේ මරිමෝල් වැඩ කරනවා කියලා.
මම හිතන්නෙ ඔය ෆලවර් රෝඩ් එකේ ෂෙඩ් එක ලග තියෙන ඔෆිස් එක වෙන්න ඕනෙ. අවුරුදු 9කට කලින් විතර නම් ඩී ඇස් සේනානායක ගෙ ඉදලා හැම අග්‍රමාත්‍යවරයෙකුගෙම ෆොටෝ ඔය කාර්යාලයේ තිබුනා. ඕක හරිනි කියල කරපු දෙයක් නෙමේ කියල මට හොදටම ෂුවර්. හැබැයි තමන්ගෙ ප්‍රතිරූපය වැඩි කරන්න පත්කරගත්ත අයම ඒක විනාශකරන කරනඑක නම් හරිනිටත් තේරුම්යන්න ඕනෙ.
හරිනි පැරිසියට ආපු වෙලාවෙ මැක්‍රොන් ජනාධිපතිවරයා මුනගැසුනු නිව්ස් එක සහ ජායාරූප මාධ්‍යයයට ආවෙ මම එක මේ අවකාශයේ ලිව්වට දැම්මට පස්සෙ. ඒ වගේ ඒවා මිස්කරගන්න මාධ්‍යය කණ්ඩායම මේ වගේ මරිමෝල් වැඩක් කලා නම් කියන්න තියෙන්න සොරි කියල තමයි.
මේක ලොකු දෙයක් නෙමේ කියල කෙනෙකුට හිතෙන්න පුලුවන්. හැබැයි ඔහොම වැඩ කරන අය ගැන ප්‍රවේශම්වෙන එක නුවනට හුරුයි කියල තමා මට හිතෙන්නෙ.
ඕක කරපු හාදයට නොතේරෙන්නෙ ඇයි ද දන්නෑ කවදහරි හරිනි ගිය දාකට එයාගෙ ජායාරූපයක් ඔය බිත්තියට එනව කියන එක.
මාලිමාවෙ මිත්‍රවරුනි අපිට බනින්න.කමක් නැහැ. හැබැයි ඔයාල මේ ගමන යන්න තෝරගෙන ඉන්න සෙට් එක නම් මරු.”








