BREAKING NEWS
Search

 අවුරුදු ගණනාවකට පෙර පලෙයි ඉදිරි ආරක්ෂක වළල්ලේ දී අතුරුදන්ව මිය ගිය සොල්දාදුවා…!

4449

තිස් වසරක යුද්ධය නිමාකොට වසර 04කට පසුව 2013 වසරේදී මේ සොල්දාදුවගේ දිරාපත් වූ ශරීර කොටස් හමු වී ඇත්තේ දමිළ ජාතිකයෙක් ඔහුගේ දැඩිලෙස කැලෑ වැදුණු ඉඩම සුද්ද පවිත්‍ර කරන විට බව දැක්වෙනවා.
පලෙයි කියන්නේ වර්තමානය වෙනකොට හමුදා ස්මාරක වල වැඩියෙන්ම ලියවුණු ප්‍රදේශයක් හැටියටත් සඳහන් වෙනවා.

මහා දරුණු යුද ගැටුම් ඇවිලුන සහ උතුරේ දකුණේ මනුස්ස ජීවිත දැවැන්ත ලෙස බිලිගත් භූමියක්,…නමුත් මෙම සොල්දාදුවගේ සාක්ෂි මෙලෙස හමුවෙන්නේ යුද්ධය සංග්‍රාමිකව නොතිබූ පලෙයි උතුරු කෙළවරට වන්නට යැයි ද සඳහන් වෙනවා.

ඒ හේතුවෙන් යුද හමුදාව අනුමාන කරන්නේ ඔහු යම් ප්‍රහාරයක දී වෙඩි වැදී දිවි බේරාගැනීම උදෙසා ගමන් කරමින් සිටියදී දරුණු ලෙස ලේ වහනය වීමෙන් මියයන්නට ඇති බව හෝ නැතිනම් එසේ පලායාමේ දී සතුරන් අතට පත්වෙන්නට ඇති බවයි.

ඒ කෙසේවුවද ඔහුගේ පණ නල මෙලෙස වාතලයට මුසුවෙද්දී ඔහුගේ මවට, බිරිඳට, සෙසු ඥාතීන්ට ඔහු අතුරුදන් වූ බවට තොරතුරක් සමඟ ඔහු වෙනුවට සමාන බරැති සිංහ කොඩියෙන් ආවරණය කළ ලී පෙට්ටියක් ගෙදරට ලැබෙන්නට ඇත.

අපේ උතුම් මාතෘභූමිය වෙනුවෙන් සටන් කොට යුද භූමිය තුළ මෙලෙස සැඟව ගිය කොතෙක් නම් ජීවිත තව තිබෙන්නට ඇතිද?

රට වෙනුවෙන් දිවි පිදූ සියලු විරුවනි ඔබට අපගේ උත්තමාචාරය, ඔබ සැමට නිවන් සුව ලැබේවා !




Leave a Reply

Your email address will not be published. Required fields are marked *