වර්තමානයේ විපක්ෂයේ සිටින කලින් ආණ්ඩු කළ ඇතැම් පිරිස් පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් මෙතරම් කලබල ඇයිද යන්න රජය කල්පනා කරමින් සිටින බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.
එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ අප්‍රේල් 21 වැනිදා හෙළිදරව් කරනවා යැයි කියූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු පිරිසගේ නම් තවමත් හෙළිනොකළේ ඇයි යන්නයි.
එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ මෙවැනි අදහසක්.
”ඒකට කවුරුත් කලබල වෙන්න ඕනි නෑ. රනිල් වික්‍රමසිංහ, උදය ගම්මන්පිල වගේ ඇමතිවරු, මම දැක්කා නාමල් රාජපක්ෂත් කලබලා වෙලා එක එක ඒවා කියනවා. මම දන්නවා ඒ අය කලබල ඇයි කියලා. අපිට හම්බුණේ අවුරුදු පහ හමාරක කාලයක් විමර්ශන යටපත් කරන්න උත්සාහ කරන තත්ත්වයක්. අපිට ඒ කාල සීමාවත් හම්බ වුණා නම් මෙලෙහකට මහමොළකරුවන් ඇතුළු පිරිස හෙළිකරන්න තිබ්බා. මේ සම්බන්ධයෙන් අලුතෙන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන තියෙනවා. ඉස්සරහට කැඳවීම් එයි. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මේ මොහොතේ නිසි විමර්ශන කරනවා.”