BREAKING NEWS
Search

ඉන්ධන සැපයුම කඩාකප්පල් කර මහජන පීඩා ඇති කරන අය සොයා පොලිස් පරීක්‍ෂණ..

45

ඉන්ධන බෙදුම්කරුවන් සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකර තිබේ.

අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසින් මෙම පැමිණිල්ල ගනුකර ඇත්තේ ඉන්ධන බෙදුම්කරැවන් විසින් ජනතාවට පීඩාවට පත් කරමින් අනීතික දෙස කොමිස් මුදල් එක් රැස් කර ඇතැයි පවසමිනි.

ජනතාවට අයත් රුපියල් බිලියන තිස් හතක මුදලක් බෙදුම්කරුවන් 1400ක පමණ පිරිසක් විසින් අනීතිකව බෙදා ගෙන ඇති බවටත් පැමිණිල්ල මගින් චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් වන අධිකරණ නියෝගයක් මෙන්ම ජාතික විගණන කාර්යාලයෙන් වාර්තා ද ඇති බවද එවන් තත්ත්වයකදී ඉන්ධන බෙදා හැරීම අඩාල කිරීමට මෙම පුද්ගලයන් කටයුතු කරන බවටත් පැමිණිලිකරු කියා සිටියි.

අදාළ බිලියන රුපියල් බිලියන තිස් හතක මුදල නැවත රජයට ලබාගෙන ජනතාවට ලබා දෙන ලෙසද පැමිණිල්ල මගින් ඉල්ලයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *