BREAKING NEWS
Search

කොළඹ කොටස් ඉතිහාසයේ දරුණුම කඩාවැටීමක – පැය බාගයකින් ඒකක 630කින් කඩා වැටේ…!

34

අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගණුදෙනු අරඹා කෙටි වේලාවක් තුල මිල දර්ශක සියල්ල පහල ගොස් ඇත.

ගණුදෙනු ආරම්භ කර පැයක් ගතවෙද්දී සියළු කොටස් මිල දර්ශක අගය ඒකක 629 කින් පහල ගොස් ඒකක 14,743ක් ලෙස දැක්වින.

S&P 20 දර්ශකය එම කාලයේදී ඒකක 223 කින් පහල ගොස් ඒකක 4309ක් විය.

කොළඹ කොටස් වෙළඳපල කටයුතු විනාඩි පහළොවක කාලයක් සඳහා අද පෙරවරුවේ අත්හිටුවනු ලැබීය. ඒ පැය භාගයක කාලයක් ඇතුළත 5% ඉක්මවූ ප්‍රමාණයකින් පහළ යාම හේතුවෙනි.

පෙරවරු 10.40 වන විට කොටස් වෙළදපොලේ සියළු කොටස් මිල දර්ශක අගය ඒකක 776 කින් පහල ගොස් ඒකක 14613ක් ලෙස දැක්වින.

S&P SL20 දර්ශකය එම කාලයේදී ඒකක 297 කින් පහල ගොස් ඒකක 4236ක් විය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *