BREAKING NEWS
Search

ජනාධිපති අනුර හෙලිකොප්ටරවලින් ගමන් යා යුතුයි – රවී කරුණානායක

45

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ගමන් බිමන් සඳහා හෙලිකොප්ටර් යානා භාවිත කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා මෑතකදී යාපනයට ත් ගොඩබිම් මාර්ගයෙන් ගොස් ඇති බවත් ඒ ගමන සඳහා ආවම පැය හත අටක් ගතවන බවත් හෙතෙම පෙන්වා දෙයි.

ඒ අනුව ජනාධිපතිවරයා හෙලිකොප්ටර් භාවිතා කළහොත් වැදගත් තීන්දු තීරණ ගැනීමට වැය කළ හැකි වටිනා කාලය ඉතිරි කරගත හැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කථානායක නිල නිවස නව ආණ්ඩුව යටතේ වසා දමා ඇති බවත් එය භාවිතා නොකරන බවද පැවසූ ඔහු එය වසා දැමීමෙන් රජයට මිලියන දෙකක්වත් ඉතිරි කර ගත නොහැකි බවද පෙන්වා දෙයි.

මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද අතහැරීම හරහා අපේක්ෂිත ප්‍රතිඵල නොලැබෙන බවත් ඔහු කියා සිටියේය.

පසුගිය වසරේ අයවැයට වඩා රුපියල් බිලියන 310ක් වැඩිපුර මෙවර අයවැය ඇතුළත් වීමෙන් ඒ බව පෙනී යන බවද ඔහු තවදුරටත් කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමිනි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *