BREAKING NEWS
Search

ජම්පරේ ලගම පෙනෙන ලොක්කෙක් ඉන්දියාවේ කෝවිලක ලොකු පූජාවක..!

1334

හිටපු මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලඥයන් සහ රජයේ උසස් නිලධාරීන් විශාල පිරිසක් ආසන්න දිනවලදී රට පුරා පිහිටි ප්‍රසිද්ධ පන්සල් දේවාල හා කෝවිල් ගණනාවට ගොස් පුද පූජා පවත්වා සෙත් ශාන්ති කරවාගෙන ඇතැයි වාර්තා වෙයි.

ඉන් වැඩි පිරිසක් ලෙස අයථා ලෙස වත්කම් ඉපයීම සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති පිරිස් වෙයි.

හිටපු දේශපාලඥයන් 20කට වැඩි පිරිසක් පසුගිය දිනවල කතරගම දේවාලයට පැමිණ පුද පූජා පවත්වා ඇති බවද දැනගන්නට තිබී.

චෝදනා එල්ල වී ඇති රජයේ උසස් නිලධාරියෙකුද පසුගිය දිනෙක විශේෂ ආරක්ෂාවක් සහිතව ගොස් ශ්‍රී මහා බෝධිය වැඳපුදාගෙන ඇත.

මේ අතර ඉන්දියාවට ගොස් සිටින හිටපු දේශපාලඥයෙකුද එරට ප්‍රසිද්ධ කෝවිලකදී මහා පරමාන පූජාවක් පවත්වා ඇතැයි ද වාර්තා වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *