BREAKING NEWS
Search

පාර්කින් ගැටලුවකින් පොසොන් කමිටුව උණුසුම් වෙයි – ”පාර්කින් ගන්න බෑ – කිසිසේත්ම සම්ප්‍රදාය කඩන්න එපා.!

5780

මිහින්තලේ රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත රාජ්‍ය පොසොන් උත්සවයේදී පොසොන් උත්සව සමයේදී වාහන ගාල් කිරීම සඳහා මුදල් අය කළ යුතු බවට යෝජනා කිරීමත් සමඟ මතභේදාත්මක තත්ත්වයක් ඇති විය.

මිහින්තලා රාජමහා විහාරාධිපති හිමිගෙන් ඊට විරෝධය පල කිරීමත් සමඟ රාජ්‍ය පොසොන් කමිටුවේ මතභේදාත්මක තත්ත්වයක් මතු විය.

වසර ගණනාවක් තිස්සේ වාහන ගාල් කිරීම සඳහා මුදල් අය නොකළ බවත් මෙම සම්ප්‍රදාය කඩ නොකළ යුතු බවත් උන්වහන්සේ සඳහන් කළහ.

මෙම යෝජනාව ඉදිරිපත් කල මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් පත් කර සිටින නව සභාපතිවරයා එහිදී පැවසුවේ තමනට අත්දැකීම් නැති බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *