පොලිස් අත්අඩංගුවේ දී තවත් තරුණයෙකු මිය යයි.
පොලිසිය පහරදුන් බව මියගිය තරුණයාගේ පියා කියයි.
මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් තරුණයෙකු පොලිස් අත්අඩංගුවේ සිටිය දී මියගොස් ඇති බව වාර්තා වේ.
මියගොස් සිටින තරුණයා විසිහත්වන වියේ පසුවන බව පැවසේ.
මෙම තරුණයා අත්අඩංගුවට ගත් අවස්ථාවේ පොලිසිය ඔහුට දැඩි ලෙස පහර දුන් බව ඔහුගේ පියා චෝදනා කරයි.
source – Headline News