BREAKING NEWS
Search

පේරාදෙණිය පශු වෛද්‍යවරුන් අධ්‍යයනයේ – භාතිය ගැන අලුත්ම විස්තරේ මෙන්න..!

2659

පේරාදෙණිය පශුවෛද්‍ය පීඨය කණ්ඩායම ඊයේ ඇතාගේ රුධිර සාම්පල කිහිපයක් පරීක්ෂා කර තිබුණා.ඒ සතාගේ වත්මන් තත්වය පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීම් සදහායි. එම වාර්තා ලැබී තිබෙන අතර මේ වන විට ඒවා අධ්‍යනය කරන බවයි වාර්තා වන්නේ. භාතිය අදත් බඩ ඉරිඟු වැනි දේ ආහාරයට ගෙන තිබුණා.එය යම් හෝ බලාපොරොත්තුවක් තබා ගත හැකි තත්වයක් බවයි පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ වෛද්‍යවරුන්ගේ මතය වී ඇත්තේ. එම කණ්ඩායම, නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකය සමග එක්ව හෙට සතා වෙනුවෙන් කළ හැකි උපරිම ප්‍රතිකාර ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් පසු වනවා.

යම් හෝ අවධානමක් ගෙන සිටින ස්ථානයෙන් භාතිය ඉවත් කිරීමේ අවශ්‍යතාවද මතු වී තිබෙනවා. ඒ සඳහා බොහෝ පාර්ශව අවශ්‍ය සහය ලබා දීමට ඉදිරිපත්ව සිටින බවද සදහන් කළ යුතුයි. ආරකෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතාද අද සදහන් කර ඇත්තේ ආරක්ෂක අංශ වලින් සහය අවශ්‍ය නම් ඒ සඳහා ඕනෑම සහයක් ලබාදීමට සූදානම් බවයි. සියලු අංශ මෙලෙස භාතිය සුව කිරීමට සූදානම් වීම ප්‍රසංශනීයයි. යම් අතපසුවීම්,පවතින අඩුපාඩු ආදී මේ සියල්ල භාතිය මේ තත්වයට පත් වීමට හේතුව බව නැවත සදහන් කළ යුතුයි. කෙසේවෙතත් කර්ම ශක්තිය අනුව සෑම දේම තීරණය වන බව බෞද්ධ අපේ පිළිගැනීමයි.

යම් ආශ්චර්යයකින් හෝ සුවහසක් භාතියට ආදරය කරන මිනිසුන්ගේ ආශිර්වාදයෙන් භාතිය සුවපත් වේවා යන්න අපේ එකම ප්‍රාර්ථනාවයි 🙏




Leave a Reply

Your email address will not be published. Required fields are marked *