BREAKING NEWS
Search

මාලිමා මන්ත‍්‍රී පැහැරගත් බවට චෝදනා එල්ල කල බිරිදගේ ප‍්‍රාඩෝ රිය පොලිස් භාරයට ගනී..!

80

ජාතික ජනබලවේගය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්   සතුව තිබූ ඔහුගේ නීත්‍යානුකූල බිරිඳට අයත් ප්‍රාඩෝ ජීප් රථය පොලිස් භාරයට ගෙන ඇත.

දොඩාවත්ත ගේ මිතුරෙකු සන්තයේ තිබියදී පිළියන්දල පොලිසිය විසින් මෝටර් රථය සිය භාරයට ගෙන ඇත.

තම මෝටර් රථය තම සැමියා විසින් බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇතැයි පවසමින් පිළියන්දල පොලිසිය වෙත පැමිණිලි කර තිබිනි.

ඊට ක‍්‍රියාමාර්ග නොගත් බව පවසමින් පොලිස්පතවරයා වෙතද ඇය පැමිණිලි කර ඇත.

ඇය විසින් මන්ත‍්‍රීවරයාට විරුද්දව දික්කසාද නඩු පවරා ඇත්තේ තවත් මාලිමා මන්ත‍්‍රීවරියක් සම විත්තිකාරිය කරමිනි.

Source : Lanka C News

පෙර පුවත : බිරිදගේ ප‍්‍රාඩෝව සොරාගත් මාලිමා මන්ත‍්‍රි අනියම් බිරිද සමග එංගලන්තයට..? – නිත්‍යානුකූල බිරියගේ නීතීඥවරිය මාධ්‍ය හමුවක.

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ බිරිඳ විසින් පිළියන්දල පොලිසියට කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන සිදු නොවන බවට පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබේ.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාට අදාල පැමිණෙන විභාග අදාළ කටයුතු කරගෙන යෑම සඳහා දැනුම් දී ඇති බව ඇයගේ නීතීඥවරිය මාධ්‍ය වෙත පැවසුවාය.

තම සේවාදායිකා වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ බිරිඳට අයත් ප‍්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් බලහත්කාරයෙන් රැගෙන ගොස් පාවිච්චි කරමින් සිටින බවට මෙම පැමිණිල්ල මගින් කියා සිටී.

තම සේවාදායිකාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව හෝමාගම දිසා අධිකරණයේ දික්කසාද නඩුවක් ගොනුකර ඇති බවද ඇය පවසයි.

අදාල දික්කසද නඩුවේ සම විත්තිකාරියක් ලෙස පාර්ලිමේන්තු කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් වැඩි හඬක් නගන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්ද නම් කර ඇතැයිගේ නීතිඥවරිය මාධ්‍ය වෙත සඳහන් කළාය.

එමෙන්ම අදාළ මන්ත්‍රීවරයා බ්‍රිතාන්‍යයේ සිටින වෙනත් කාන්තාවක් හරහා කම පෙම්වතා යැයි සඳහන් කරමින් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය හරහා වීසා ලබාගෙන මෙම සති අන්තයේ බ්‍රිතාන්‍ය බලා යාමට සියලු කටයුතු සූදානම් කර ඇති බවද නීතිඥවරිය තවදුරටත් සඳහන් කළාය.

ඒ හේතුවෙන් පොලිසිය වහා මැදිහත් වී මෙම කටයුත්තට සාධාරණයක් කරනු ඇතැයි බලාපොරාත්තු වන බවත් ඇය තව දුරටත් පැවසුවාය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *