BREAKING NEWS
Search

මැණික් ගඟ දෙපස ගංවතුර තවදුරටත් ඉහළ යන ලකුණු.? – අවධානයෙන් සිටින්න

546

පවතින අධික වර්ෂාපතනය නිසා මැණික් ගඟ ද්‍රෝණියේ පිහිටි තිස්සමහාරාම, කතරගම හා බුත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් ගංවතුර නිම්නයේ පහළ ප්‍රදේශවලට ඇති වී තිබෙන මහ ගංවතුර තත්ත්වය ඉදිරියේදී තවත් වැඩිවිය හැකි බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.

අද (27) රාත්‍රී 10ට රතු නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසා සිටියේ, මේ සම්බන්ධයෙන් දැඩි සැළකිල්ලකින් එම ප්‍රදේශවල පදිංචි මහජනතාව සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් කටයුතු කරන ලෙසය.

තවද මැණික් ගඟ ආශ්‍රිතව සියලු ක්‍රියාකාරකම් වලින් වැලකී සිටින ලෙසත්, සපත්තු පාලම් ආදිය ජලයට යටවිය හැකි බැවින්, එම ප්‍රදේශවල සිටින ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසත් දන්වා තිබේ.

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *