BREAKING NEWS
Search

මෙහෙම මිනිස්සු ලෝකයේ වෙන රටක නැහැ – දකුණෙන් විතරක් ලොරි 50කට වඩා බඩු ගෙනත් දීලා..!

1773

මේ මොහොතේ ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ජීවත් වෙන අපේ මිත්‍රයන්ගෙන් එන පණිවිඩ ඉතාම ආදරණීයයි.
දැන් දකුණු පළාතේ පවතින සුපර් මාකට්ස් වල ඉඳලා සාමාන්‍ය සිල්ලර කඩ බොහෝමයක් හිස්.
ඒවායේ වතුර බෝතල්, සහල් උර, බිස්කට්, සමපෝෂ ආදීය සියල්ල මිනිස්සු මිලට අරන් ලොරි වල පටවලා කොළඹට සහ රටින් උඩට එවනවා.

දැනට ආරංචි විදියට රන්නෙන් ලොරි 13 ක් ආවා.

බෙලිඅත්තෙන් ලොරි 9 ක්, තංගල්ලෙන් ලොරි 16, මිද්දෙනියෙන් ලොරි 14ක්, අගුණකොලපැලැස්සෙන් ලොරි 7ක් බඩු පුරෝගෙන කොළඹ එනවා.

කුඩා ගංවතුර තත්ත්වයක් තිබූ තිස්සට සම්පූර්ණයෙන්ම මිද්දෙනිය රජමහා විහාරයෙන් ආහාර යවනවා.
මේ වාර්තා වූ පුවත් විතරයි. මාතර, ගාල්ලෙත් වෙන්නේ මේ වැඩේමයි.

මාතරින් පමණක් ලොරි සියයක් පමණ කොළඹ එන බව ආරංචියි. ගාල්ලෙන් ඊටත් වඩා වැඩියි.
දක්ෂිණ අධිවේගයේ ඉදලා, දකුණෙන් රට උඩට එන පාරවල් බඩු පුරෝපු ලොරි වලින් පිරිලා.
මේ තමයි දකුණේ මිනිස්සු.

දකුණේ විතරක් නෙවෙයි, අපේ රටේ මිනිස්සු හැමදාම අනුන්ගේ දුකේදි හිත උණුවෙන, තමන් සතු ඕනම දෙයක් දෙන පරිත්‍යාගශීලි මිනිස්සු.

මෙහෙම මිනිස්සු ලෝකයේ වෙන රටක නැහැ.

ලෝකෙන් උතුම් රට ලංකාවයි කියන්නේ අපිට තියෙන ස්වාභාවික සම්පත් විතරක් නිසා නෙවෙයි.
මේ වගේ සංවේදී, ආදරණීය මිනිස්සුත් ඉන්න නිසා. මේ දර්ශන ලෝකයේ වෙන්ද්ත් රටක නැහැ! 🥺❤️

තම්බපණ්ණි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *