ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු කොළඹ කුරුඳුවත්තේදී අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසනවා.
සමාජ ක්‍රියාකාරියෙකු සහ පොදුජන පෙරමුණේ මෙවර මැතිවරණ අපේක්ෂකයෙකු වූ ඩෑන් ප්‍රියසාද් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් අසාධ්‍ය තත්ත්වයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය අප්‍රේල් 22වනදා රාත්‍රියේ මියගියා.
වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ප්‍රදේශයේ මහල් නිවාසයක් තුළ දීයි මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය හා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය මඟින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබූ අතර සිද්ධිය සම්බන්ධ එක් සැකකරුවෙකු මේවන විටත් අත්අඩංගුවට ගෙන රක්ෂිතබන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ අනුව බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය කර ගත් තොරතුරු මත වැටලීමක් සිදුකර අද (02) සවස් කාලයේ කුරුඳුවත්තපොලිස් වසමේදී මෙම වෙඩි තැබීම සිදු කල ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසා සිටියා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 52 ක්වන වෑබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම සැකකරු ඩෑන් ප්‍රියසාද්ගේ සොහොයුරාගේ ඝාතනයටත් සම්බන්ධ සැකකරුවෙකු බවද පොලිසිය වැඩිදුරටත් පවසා සිටි
Hiru Gossip