BREAKING NEWS
Search

රටේ සාමය ස්ථාපිත කරන්න බැරි හේතු දෙකක් නිසා..! – මහජන ආරක්‍ෂක ලේකම්

239

මෙරට සාමය ස්ථාපිත කරන්න බැරි ප්‍රධානම හේතු දෙකක් ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න මහතා සඳහන් කරයි. එම හේතු දෙක නම් සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාලය බවද ඔහු පැවසුවේය.

මේවා මැටලීමේදී මුහුණ දෙන ගැටලු රාශියක් ඇති බවද එම ගැටළු රාශියට විවිධාකාර වූ කාරණා හේතුවන බවද හෙතෙම කියා සිටී.

සංවිධානාත්මක කල්හි ආරක්ෂක අංශ ඇතුළටද රිංගා ඇති බවද පැවසූ ඔහු ආරක්ෂක අංශ නිලධාරීන්ද ඒ අයට යටපත්වී ඇති බවද කියා සිටියි.

”පොලිස් නිලධාරින්ට පැවරී ඇති නීතිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වියයුතුයි. නීතිය ක්‍රියාත්මකවීමෙන් පමණයි සාමය ස්ථාපිත කළ හැක්කේ. අද සාමය ස්ථාපිත කළ නොහැකි ප්‍රධාන හේතු දෙකක් තිබෙනවා. එකක් සංවිධානාත්මක අපරාධ, අනෙක මත්ද්‍රව්‍ය. මේ දෙක මැඬලීමේදී මුහුණ දෙන ගැටලු රාශියක් තිබෙනවා. ඒවාට විවිධ කාරණා හේතුවෙනවා. සංවිධානාත්මක කල්ලි අප අතරට රිංගලා තිබෙනවා. අපේ නිලධාරීනුත් ඒ අයට යටපත් වෙලා තිබෙනවා. රටේ සුරක්ෂිත සමාජයක් ඇති කිරීම ඔබේ වගකීමක්”

උත්සව සභාවක් අමතමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා මෙම අදහස් පළ කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!