BREAKING NEWS
Search

රට පුරා ඉන්ධන බෙදුම්කරුවන් ගෝල්ෆේස් ඇවිත්..!

23

රට පුරා ඉන්ධන බෙදුම්කරුවන් මේ වන විට කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර පිටියට රැස්වී සිටී.

ඒ අද දිනයේ ජනාධිපති අනුර දිසානායක මහතාට සංදේශයක් බාරදීම සඳහායි.

ඔවුන් එමගින් ඉල්ලා සිටින්නේ තමන්ට ලබා දුන් ඉන්ධන කොමිස් මුදල ලබාදෙන නිසයි.

ඛණිජ තෙල් නීතිය ඇති සංස්ථාව විසින් අදාළ කොමිස් මුදල අහෝසි කිරීම මත මේ වන විට මතබේදාත්මක තත්ත්වයක් ඇතිවී තිබේ.

මේ අතර ගතවුනු පැය 48 තුළ කිසිදු ඉන්ධන ඇණවුමක් සිදු නොකළ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

තමනට සාධාරණ විසඳුම් ලබාදෙන තුරු ඉන්ධන ඇණවුම් කිරීමෙන් වැළකී සිටින බව සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතා කියා සිටී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *