‘රූමත් දියණියට ගොවි මහත්තයෙකු දෙමව්පියෝ සොයයි කියන දැන්වීම පත්තරයට වැටෙන තැනට මේ ගොවිජන ජීවිතය ශක්තිමත්ව නගා සිටුවන එක තමයි අපේ වගකීම’ යයි කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
“මම තාම මංගල දැන්වීම් බලනවා. මගේ වයස දැන් 61යි. තාම මංගල දැන්වීම් බලනවා බල මම හොයනවා යමක්. රූමත් යමක් හොයනවා.
ඒවයෙ තියෙනවා රූමත් දියනියට දෙමව්ප්පියෝ ඉංජිනේරු මහත්තයෙක් සොයයි. රූමත් දියණියට දොස්තර මහතකු සොයයි. රූමත් දියනියට ව්‍යාපාරික මහතකු සොයයි කියල.
කොච්චර ආපස්සට දිනපතා ආපසට බැලුවත් රූමත් දියනියට ගොවි මහතෙකු සොයයි කියලා පත්තරයක දැන්වීමක්වත් වැටෙන්නේ නැති රටක්.
ඒකෙන් තේරෙනවා අපේ ගොවිජන ජීවිතය කියලා කියන්නේ කෙනෙකුට දුවක් දෙන්න පත්තරයක දැන්වීමක් දාන්නවත් පුළුවන් එකක් නෙමෙයි.
ඇයි ඒ. රූමක් දියණියට ගොයි මහත්තයෙකුට දීලා ජීවත් වෙන්න බැහැ. ඔය ගම්වල ඒවා වෙනවා ඉතින් ඒක වෙනම කතාවක්. හොයලා බලන්න කොහෙ හරි තියෙනවද කියලා අහන්න එක එක වෘත්තීන් තියෙනවා.
ඉතින් ඒ නිසා අපේ වගකීම තමයි මොකක්ද පත්තරයට අර දැන්වීම ගේන එක.
රූමත් දියණියට ගොවි මහත්තයෙකු දෙමව්පියෝ සොයයි කියන දැන්වීම පත්තරයට වැටෙන තැනට මේ ගොවිජන ජීවිතය ශක්තිමත්ව නගා සිටුවන එක තමයි අපේ වගකීම”