BREAKING NEWS
Search

ශිරන්ති රාජපක්‍ෂට CID පරීක්‍ෂණ – ඉඹුල්ගොඩ පන්සල් ඉඩම ඇගේ නමින්..!

69

ඉඩම් ගනුදෙනු දෙකක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂට එරෙහිව පරීක්ෂණයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

කැලණිය ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයකට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් හෙතෙම පැවසුවේ අදාළ ඉඩම විහාරස්ථානයකට අයත් නොවන බවය.

ඉඩම් කිහිපයක පත්ඉරු පෙන්වමින් ඔහු පැවසුයේ ඒවා ලියාපදිංචි කර ඇත්තේ ශිරන්ති රාජපක්‍ෂ නමින් බවයි.

එම පත් ඉරු කිසිවක පන්සලක හෝ භික්‍ෂුවකගේ නමක් සදහන් නොවන බවත් හෙමෙ පැවසීය.

පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව පැවසුවේය.

 

Source : Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *