ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත ඉන්දීය අග්‍රාමාන්‍ය නරේන්ද්‍ර මෝදි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් ඊයේ (05) සිදුවුණා.
එහිදී විපක්ෂනායකවරයා අගමැති නරේන්ද්‍ර මෝඩ්දි වෙත විශේෂ ඡායාරූපයක් පිළිගන්වනු ලැබුවා.
එම ඡායාරූපයේ සැඟවුණු කතාව සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සටහනක් තබා තිබෙනවා.
එම සටහන පහතින්.
”විල්පත්තු ජාතික උද්‍යානයේ එක් ඇසක පෙනීම නැති අයි-වන් (eye-one) වශයෙන් හදුන්වන ගැහැණු දිවියෙකුගේ (female Sri Lankan Leopard: Panthera pardus kotiya) මෙම විශේෂ ඡායාරූපය, 2025 අප්‍රේල් 5 වන අද දින, ඉන්දියානු අග්‍රාමාත්‍ය අතිගරු ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාට කොළඹදී පිළිගැන්වීමට ලැබීම ඉමහත් ගෞරවයකි.
එක් ඇසක පෙනීම අහිමි වුවද, වනාන්තරයේ අභියෝග ජයගනිමින් සාර්ථකව ජීවත් වන මෙම සුවිශේෂී සත්වයා — ශ්‍රී ලංකාවේ ස්වාභාවික උරුමයේ සහ සෞන්දර්යයේ සැබෑ සංකේතයකි.
ඇගේ ආකර්ෂණීය නිල් ඇස අභියෝගවලට මුහුණ දෙමින් ඇයගේ පැවැත්ම පිළිබඳව දීර්ඝ කතාවක් පවසයි — සමහරවිට ග්ලූකෝමා, කැටරැක්ට්, හෝ යම් අනතුරකට භාජනය වීම නිසා ඇතිවුන තත්ත්වයකි— එහෙත් ඇය වනාන්තරයේ ආරක්ෂාකාරීව නොසැලී සිටීම වනසත්ව ලෝකයේ අභියෝග ජය ගැනීමේ සංකේතයකි.
කෙසේවුවද අවාසනාවන්ත ලෙස මෙම සුවිශේෂී සත්වයා පසුගිය වසර කිහිපයක සිටම දක්නට නොලැබුණ අතර ජීවත්ව සිටිනවාද යන්න සනාථ ගැනීමට නොහැකිව ඇත.”