ඒ සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සමනළ වැව පොලිසියට කර ඇති පැමිණිල්ලක් අනුවයි.
එලෙස චෝදනා එල්ලවන ප්‍රධාන සැකකාර සරසවි සිසුවා ඇතුලු සරසවි සිසුන් 16 දෙනෙකුට අද පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දුන් බවයි පොලිසිය සඳහන් කළේ.
පුස්සැල්ලාව ඉහළගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි චරිත් දිල්ශාන් නමැති මෙම තරුණයා සියදිවි නසාගෙන තිබුණේ පසුගිය 29 වැනිදා රාත්‍රියේ දීයි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ චරිත්, මෙලෙස සියදිවි නසා ගැනීමට හේතුව ඔහු මුහුණ දුන් නවක වදය බවට සැකයක් ඇතැයි පවසමින් එම සරසවියේම සිසුන් පිරිසක් සමනළ වැව පොලිසියට පැමිණිල්ලක් ද කර තිබුණා.
එමෙන් මියගිය සිසුවාගේ ඥාතීන්ද සිද්ධිය සම්බන්ධයෙන් පුස්සැල්ලාව පොලිසියට පැමිණිලි කර තිබු අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ එම පැමිණිලි සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශණ ආරම්භ කළ බවයි ඒ අනුව සමනල වැව පොලිසියට කළ පැමිණිල්ල යටතේ සරසවි සිසුන් 5 දෙනෙකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
නවක වද සිද්ධියක් මුල්කරගනිමින් අදාළ සිසුවා මිය ගිය බවට චෝදනා එල්ලවන අතර එම ප්‍රධාන සැකකාර සරසවි සිසුවා ඇතුළු සිසුන් 16 දෙනෙකුටද සමනලවැව පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති අතර, ඔවුන් අද දිනයේ පොලිසිය හමුවේ පෙනී සිටීමට නියමිතයි.
මේ අතර, සබරගමු විශ්වවිද්‍යාලයේ සිදුවූ බව පැවසෙන මෙම ඛේදජනක සිදුවීම පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්ය සමිකති සම්මේලන සිය අප්‍රසාදය පළ කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙවැනි ක්‍රියා මානුෂීය ගරුත්වයට හානිකර බවත්, ඒ හරහා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට ඇති මහජන විශ්වාසය පළුදුවන බවත් එම නිවේදනයේ සඳහන්.
විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය වැඩිදුරටත් සඳහන් කරන්නේ මිය ගිය සිසුවාට සාධාරණයක් ඉටුවන තෙක් සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතිය වෙනුවෙන් පෙනී සිටින අතර මෙම සිද්ධිය සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් කඩිනමින් සිදුකරන ලෙසයි.