BREAKING NEWS
Search

ඉදිරි පැය 24 තුළ යටිනුවර සහ ගඟවට කෝරළය ප්‍රදේශවලට අධි ගංවතුර තත්ත්වයක්..!

1254

මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 24ක කාලය තුළ අධි ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ සම්බන්ධව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයෙන් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙසත් එම ප්‍රදේශවල පදිංචි මහජනතාවට දැනුම් දී ඇත.

එමෙන්ම රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැළණි ගඟ නිම්නයේ පහත් බිම් ප්‍රදේශ ආශ්‍රිතව ද ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!