BREAKING NEWS
Search

පුද්ගලයින් 03කට මරු කැඳවූ , මට්ටක්කුලියේ මාරක රිය අනතුර, ඒ ගැන ඇසෙන අලුත්ම විස්තරය මෙන්න..

14

මට්ටක්කුලිය – ෆර්ගියුෂන් මංසන්ධිය ප්‍රදේශයේදී ඊයේ (26) රාත්‍රියේ සිදු වූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ 52 හැවිරිදි රියදුරු පොලිසියට භාරවී තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු මත්ද්‍රව්‍ය හෝ මත්පැන් පානය කර සිටියේද යන්න සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වත්තල දෙස සිට අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව ත්‍රිරෝද රථ දෙකක සහ යතුරුපැදි දෙකක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 44 සහ 64 යන වයස්වල පසුවන ග්‍රෑන්ඩ්පාස්, කොළඹ 15 සහ මට්ටක්කුලිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!