BREAKING NEWS
Search

සෞදියේදී ශ්‍රී ලංකාව රිදී හා ලෝකඩ පදක්කම් දිනයි

663

සෞදි අරාබියේ පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (16) පස්වරුවේ පැවති තරගයකින් රිදී පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ධනංජනා සෙව්මිණී ප්‍රනාන්දු සමත් වූවාය.

බාලිකා මීටර 100 ඉසව්වෙන් තරගකළ ඇය තත්. 11.92කින් තරගය අවසන් කර මෙම පදක්කම දිනාගැනීමට සමත් විය.

මෙහි රන් පදක්කම චීනයටත්, ලෝකඩ පදක්කම ඉන්දියාවටත් හිමිවිය.

මීට අමතරව අද පස්වරුවේම පැවති මීටර 1500 තරග ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ ළහිරු අචින්ත විසින් දිනාගත්තේය.

විනාඩි 3.59.47කින් සිය ඉසව්ව අවසන් කර අචින්ත මෙම පදක්කමට ළඟාවිය.

මෙහි රන් පදක්කම කටාර් රාජ්‍යයට හිමි වූ අතර, රිදී පදක්කම දිනාගැනීමට සමත් වූයේ ලෙබනන් ක්‍රීඩකයෙකු විසින්ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!