2012 සහ 2014 වර්ෂවලදී හිටපු අගමැතිවරයෙකුට වෛද්‍ය පහසුකම් ලබා දීමට ජනාධිපති අරමුදලින් ලබා දුන් රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් ආපසු අය කර නොගත් බව වාර්තාවේ සඳහන් කර තිබේ.
රජයේ ආරංචි මාර්ග අනුව, ජනාධිපති අරමුදලින් මුදල් ලබා දීමට ණය වශයෙන් නීතිමය කටයුතු නොතිබූ නිසා මෙම මුදල් නිකුත් කර ඇති බව සඳහන් කළේය.
එම වාර්තාව අනුව, හිටපු මන්ත්‍රීවරයෙකුට ජනාධිපති අරමුදලින් දී ඇති රුපියල් කෝටි 1 ක පමණ මුදලත් ආපසු අය කර නොගන්නා බවද, 2015.02.02 දින හිටපු ජනාධිපති ලේකම්ගේ අංක PF/M/78/06 චක්‍රලේඛය මත, රුපියල් කෝටි 1 ට වඩා වැඩි මුදලක් ද ලබාදී තිබුණද එයත් ආපසු අය කර නොගත් බවත් සඳහන් විය.
තවද, ජීවිත කාලය පුරා රෝගී තත්ත්වයෙන් පසුවන බව හඳුනාගත් එකොළොස් දෙනෙකු වෙනුවෙන් අරමුදල රාජ්‍ය බැංකු තුනක රුපියල් ලක්ෂ 40 ක ආසන්න මුදලක් ආයෝජනය කර, මාසිකව ප්‍රතිලාභ ලබාදීම සලස්වා තිබුණද, එම මුදල රෝගීන්ට ප්‍රමාණවත්ද යන්න ඇගයීමට හා අවශ්‍ය සංශෝධන කිරීමට අරමුදල කටයුතු කර නොතිබූ බව රජයේ නිවේදනයේ සඳහන් විය.
මෙම වාර්තාවෙන් පැහැදිලි වන්නේ, ජනාධිපති අරමුදලෙන් හිටපු අගමැතිවරයෙකුට සහ රෝගීන්ට ලබාදුන් මුදල් කළමනාකරණය නිසි ලෙස සිදු නොවීමෙන් ප්‍රශ්න ඇතිව ඇති බවයි.(Ape Rata)







