BREAKING NEWS
Search

මතකද කාලයක් සමාජමාධ්‍ය කැළඹූ කෞෂි පෙරේරා?

616

මතකද කාලයක් සමාජමාධ්‍ය කැළඹූ කෞෂි පෙරේරා? කාලයක් “සරාගිනිය” ලෙස බුකියේම වැඩි අවධානය දිනාගත් ඇය, අද ජීවිතයේ සම්පූර්ණයෙන් වෙනස්ම පරිච්ඡේදයකට පිවිසලා තිබෙනවා.

සමාජමාධ්‍ය භාවිතා කරන අයට කෞෂි කියන නම අමුතුවෙන් හඳුන්වා දෙන්න දෙයක් නැහැ. අඩනිරුවත් සහ අතිශය සරාගී ඡායාරූප හරහා ඇය කාලයක් පුරාම වැඩි කතාබහට ලක්වුණා. විවේචන, ප්‍රශංසා, විවිධ අදහස් අතරින් ඇය සමාජමාධ්‍යයේම වඩාත්ම කතාබහට ලක්වුණු චරිතයක් බවට පත්වුණා.

ඒත් මේ වතාවේ ඇය ගැන ඇහෙන කතාව නම් වඩාත් ආදරණීය එකක්.

කාන්තාවක් ලෙස බොහෝ දෙනා හදවතින්ම බලාපොරොත්තු වන මව්පදවිය, දැන් කෞෂිගේ ජීවිතයටත් එක්වෙලා. ඇය තමන් මව්පදවිය ලබාගත් සතුටුදායක ආරංචිය සමාජමාධ්‍ය ඔස්සේ රසිකයින් සමඟ බෙදාගෙන තිබෙනවා.

ළදරු සොඳුරු මොහොතක් අල්ලාගත් ඡායාරූප කිහිපයක් සමඟ ඇය එම සතුට පළකර තිබුණා. ඒ පළකිරීම් දැක්ක රසිකයින් බොහෝ දෙනා ඇයට උණුසුම් සුභපැතුම් එක්කරමින්, නව ජීවිත පියවරට ආශීර්වාද කර තිබුණා.

කාලයක් සමාජමාධ්‍ය ආන්දෝලන මැද ගමන් කළ කෞෂි, අද “අම්මා” කියන නව හැඳින්වීමක් සමඟ අලුත් ගමනක් ආරම්භ කරලා. ජීවිතය කවදා කොහොම හැරෙයිද කියන්න බැහැ, නමුත් ඒ අතරින් ලැබෙන මව්පදවිය නම් සෑම කාන්තාවකටම විශේෂම අත්දැකීමක්.(Ape Rata)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!