ජනපති ලබා දුන් ප්‍රධාන මැතිවරණ පොරොන්දු 30 න් 10 ක් ඉටු කර අවසන් – Verité Research ආයතනය

267

ජනාධිපති අනුර කුමාර දිසානායක සිය මැතිවරණ ප්‍රකාශනය මඟින් ලබා දුන් ප්‍රධාන පොරොන්දු ඉටු කිරීමේ ප්‍රගතිය පිළිබඳ ව Verité Research ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන Anura Meter හරහා නවතම තොරතුරු නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 2025 නොවැම්බර් මාසය දක්වා වූ දත්ත මත පදනම් ව සිදු කර ඇති මෙම යාවත්කාලීන කිරීමට අනුව, රජය විසින් පොරොන්දු 10 ක් ඉටු කර ඇති අතර ක්‍රියාත්මක වෙමින් පවතින පොරොන්දු 10 ක් හා මේ වන විට ප්‍රගතියක් වාර්තා නොවන පොරොන්දු 09 ක් ද එහි ඇති බවයි සඳහන් වන්නේ.

මෙම ඇගයීම සඳහා 2024 ජනාධිපතිවරණ ප්‍රකාශනයෙන් තෝරාගත්, මහජන උනන්දුවක් සහිත ප්‍රධාන පොරොන්දු 30 ක් යොදාගෙන ඇති අතර ඉටු කළ පොරොන්දු අතර අඩු ආදායම්ලාභී පවුල් සඳහා රු. 10,000 ක මාසික මූල්‍ය දීමනාවක් ලබා දීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන බදු රහිත වාහන බලපත්‍ර ඉවත් කිරීම, වසරක් තුළ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම, රාජ්‍ය ව්‍යවසායන්හි (SOE) මෙහෙයුම් පිළිබඳ පූර්ණ තොරතුරු ප්‍රසිද්ධ කිරීම, සමස්ත අමාත්‍ය සංඛ්‍යාව 50 ක් නොඉක්මවීම සහ කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 25 ක් නොඉක්මවීම ඇතුළු පොරොන්දු ඇතුළත්.

එසේ ම ඉටු කිරීමට අසමත් වූ පො‍රොන්දුවක් ද ඇති අතර, ඒ අනුව වසරක් තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීම මෙතෙක් ඉටු කර නොමැති බවයි Verité Research ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

උපුටාගැනීම – Helakuru esana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!