BREAKING NEWS
Search

පොහොට්ටුවේ මාතර,ගම්පහ,නුවර ප්‍රබලයන් 3ක් එජාපයට –  ශ්‍රීලනිපයේ හම්බන්තොට,අනුරාධපුර,ගම්පහ ප්‍රබලයන් 3ක් සජබයට..!

42

ජනාධිපතිවරණය කැදවන දින ප්‍රකාශයට පත් කිරීම සදහා දින කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී ජනාධිපතිවරණ ඡන්ද සටන උණුසුම් කරවමින් ප්‍රබල දේශපාලන පිල් මාරු කිහිපයක් සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රධාන පක්ෂ අතර සාකච්ඡා ආරම්භ වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව පොහොට්ටුව නියෝජනය කරන ප්‍රබල මැතිඇමැතිවරුන් තිදෙනෙක් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ වහා එජාපය සමග එක්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රබලයන් තිදෙනා මාතර, ගම්පහ සහ මහනුවර නියෝජනය කරන පොහොට්ටු මැතිඇමැතිවරුන් බව පැවසේ.

මීට අමතරව ශ්‍රීලනිපය නියෝජනය කරන ප්‍රබල මැතිඇමැතිවරුන් තිදෙනකු ඉදිරි දින කිහපය ඇතුළත සමගි ජන බලවේගය සමග එක්වීමට මේ වනවිට සාකච්ඡා ආරම්භ කොට ඇති බවද දැනගන්නට තිබේ.

මෙම ප්‍රබලයන් තිදෙනා හම්බන්තොට, අනුරාධපුර සහ ගම්පහ නියෝජනය කරන ශ්‍රීලනිප ප්‍රබලයන් බවද දැනගන්නට තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *