BREAKING NEWS
Search

දුන් පොරොන්දු 22න් අනුර මෙතෙක් ඉටුකර ඇත්තේ එකක් පමණයි..!

2539

ජනාධිපති අනුර දිසානායක මහතා තම ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් ප්‍රමුඛ පොරොන්දු 22කින් එකක් ඉටුකර ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් පොරොන්දුවල ප්‍රගතිය නිරීක්ෂණය කරන මාර්ගගත මෙවලමක් වන ‘අනුර මීටරය’ අනුව මෙම නිරීක්ෂණය ලැබී ඇතැයි එම ආයතනය කියයි.

එසේ ඉටුකළ පොරොන්දුව වන්නේ උපයන විට ගෙවීමේ බද්ද සංශෝධනය කිරීමයි.

වෙරිටේ රිසර්ච් ආයතනය යටතේ පවත්වාගෙන යන manthree.lk වෙබ් අඩවිය මගින් අනුර මීටරය ක්‍රියාත්මක වන අතර ජනතාව ඉහළ උනන්දුවක් දක්වන ආර්ථික ප්‍රතිසංස්කරණ, ආණ්ඩුකරණය, දූෂණ මර්දනය, නීතිය හා සාමය, සහ සමාජ ආරක්ෂණය යන අංශ ආවරණය වන පරිදි ජනාධිපතිවරයාගේ පොරොන්දුවලින් 22ක් එයින් විමර්ශනය කෙරේ.

මෙසේ ඉටුකළ පොරොන්දු වර්ගීකරණය තෝරාගත් පොරොන්දු 22න් 5%ක පංගුවක් වන අතර මෙකී පොරොන්දු 22න් 35%ක් අර්ධ වශයෙන් ඉටුකර ඇති අතර තවත් 14%ක් ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත් එම පොරොන්දු 22න් 10ක් හෙවත් 45%ක් ගැන යාවත්කාලීන තොරතුරු නැතැයි එහි සඳහන් වේ.

බිගුන් මේනක ගමගේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!