BREAKING NEWS
Search

රට පනින්න බැ… දැඩි ඇප කොන්දේසි මත දුමින්දට ඇප

774

 

 

රක්ෂිත බන්ධනාගාර ගත සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා දැඩි කොන්දේසි මත ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාව පසුගිය මැයි මස 23 වන දා අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අනුව අද (0) දිනයේ දුමින්ද දිසානායක මහතාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් රු 250,000ක මුදල් ඇප සහ රු ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර තිබේ.

ශරීර ඇප ලබාදෙන පුද්ගලයින් දෙදෙනා කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් විය යුතු බවටත් නියෝග කළ විනිසුරුවරයා, සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයේ තැන්පත් කරන ලෙසත් ඒ අනුව ඔහුට විදෙස් ගමන් තහනමක් පනවන බවටත් නියෝග කළේය.

සැකකරු ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දැඩි විරෝධයක් දැක්වුවත් මේ සම්බන්ධයෙන් සිය නියෝගය ප්‍රකාශ කරමින් ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ, සැකකරු සන්තකයේ ගිනිඅවියක් තබාගෙන ඇතැයි මෙතෙක් අනාවරණය වී නොමැති බැවින් සැකකරුව ඇප මත මුදාහැරීමට අධිකරණය තීන්දු කරන බවයි.

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!