BREAKING NEWS
Search

අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරලියක් ලගදීම වෙනවා..

1820

lanka C news

අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරලියක් ලගදීම වෙනවා..
ලෝක තරුණ කුසලතා දිනය ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට මෙන්ම රටටද ලෝක ප්‍රජාවට ද වැදගත් දිනයක් වන බවත් 2014 වර්ෂයේ මෙම යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකාව වන බවත් එසේ ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 2015 වර්ෂයේ සිට ලෝක තරුණ කුසලතා දිනයක් ලෝකයට නම් කළ බවත් වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

අධ්‍යාපන ක්ෂේත්‍රයයෙන් ගත් කළ මෙය මෙරට ලද විශාල ජයග්‍රහණයක් බව පෙන්වා දෙන ඒ මහතා 2015 වසරේ සිට අඛණ්ඩව වසර 10ක කාලයක් ලොව පුරා සමරන දිනයක් බවටත් වැඩසටහන් එළි දක්වන දිනයක් ලෙසත් පරිවර්තනය වී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

මෙම දිනය නිමිති කරගෙන හෙට වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය ,දිවයිනේ ස්ථාන ගණනාවක විවිධ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.එසේම තරුණයා යනු රටක් ගොඩනැගීමේදී දායක කර ගත හැකි දැවැන්ත විභවතාවයක් සහිත මානව සම්පතක් බව පවසන නියෝජ්‍ය අමාත්‍යවරයා රටක් සංවර්ධනය කිරීමේදීී භෞතික සම්පත් මෙන්ම මානව සම්පත එකට එකතු කර ගත යුතු බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

2022 වර්ෂයේදී නීට් දර්ශකයට ( Not In Employment Education nor Training ) අනුව තරුණයන්ගෙන් සියයට හතලිහක් අධ්‍යාපනයක, පුහුණුවක හෝ වෘත්තියක නිරත නොවන බව පෙන්වා දී ඇති බවත් 2016 වර්ෂයේ නිකුත් කළ මහ බැංකු වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ 2015 වනවිට මෙම නීට් දර්ශකය මෙම අගය ගෙන තිබූ බවද පෙන්වා දුන්නේය.

එසේම තරුණයා සවිබල ගන්වන , ආර්ථිකයට දායක කර ගැනීමට ඇති ඉඩකඩ අවම බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා වත්මන් රජය තරුණයන් ඉලක්ක කර ගනිමින් එම පිරිස ආර්ථිකයට බද්ධ කර ගැනීමට විශේෂ වැඩසටහන් ගණනාවක් මේ වනවිට ආරම්භ කර ඇති බවද සඳහන් කළේය.

විශේෂයෙන්ම අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය මේ වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පෙන්වා දුන් ඒ මහතා 2026 වර්ෂයේ සිට අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත ප්‍රතිසංස්කරණ රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත බවද වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ඒ යටතේ කිසිදු පාසල් යන දරුවෙක් අධ්‍යාපනය අතරමග නතර නොකෙරෙන බව අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා පවතින අධ්‍යාපන ක්‍රමය තුළ ඔවුන්ට ද්විතික අධ්‍යාපනය දක්වා හැදෑරීමට හැකි වන අතර එසේ නොමැතිනම් වෘත්තීය අධ්‍යාපන ක්‍රමයට අනුගත වී පශ්චාත් උපාධිය දක්වා හැදෑරීමට හැකි බවද පෙන්වා දුන්නේය.

මෙම වෘත්තීය අධ්‍යාපන ක්‍රමය ලබන වසරේ ජනවාරි මස සිට පාසල් අධ්‍යාපන ක්‍රමයට ඇතුලත් කෙරෙන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

4,691 views




Leave a Reply

Your email address will not be published. Required fields are marked *