BREAKING NEWS
Search

අමාත්‍ය ධුරය දැරූ කාලයේ සිදුකළ සියලු කටයුතු කළේ ජනතා සුබ සිද්ධිය උදෙසායි – සජිත්

794

යහපාලන රජයේ අමාත්‍යවරයෙක්ව සිටින කාලයේ තමා විසින් සිදු කළ සියලු කටයුතු සිදු කළේ ජනතා සුබ සිද්ධිය උදෙසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ අනුව, තමා අමාත්‍යවරයා ලෙස සිටින කාලයේ සීඝ්‍ර නිවාස සංවර්ධනයක් හා ආගමික හා සංස්කෘතික ක්ෂේත්‍රයේ කඩිනම් වැඩසටහන් රැසක් නීත්‍යානුකූලව ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බවයි අද (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

වැඩ කිරීම වරදක් ලෙස දකිනා කණ්ඩායම්ද මේ රටේ සිටින බවද, ආණ්ඩුව ද එයට අයත් බවද, ඒ සම්බන්ධයෙන් කිසිඳු ගැටලුවක් තමාට නොමැති බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අමාත්‍ය ධුරය දැරූ 2015 සහ 2019 කාල සීමාවේ නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කළ නිවාස ව්‍යාපෘතීන් තුළ සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට විගණන විමර්ශනයක් සහ අමාත්‍යාංශ මට්ටමේ විමර්ශනයක් සිදු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් නැගූ පැනයකට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කර සිටියා.

Helakuru Esana

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *