ඉන්දියාව වසර 37ක් පුරා සුරැකි අභිමානයක් බිඳවැටෙයි

3019

සත්කාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 41ක පහසු ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

ඒ අනුව තරග 3කින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙස ඔවුන් ජය ගත්තේය.

මෙය ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ දී නවසීලන්තය ලැබූ පළමු එක්දින තරගාවලි ජය ලෙස ඉතිහාසයට එක්විය.

1988 වසරේ සිට ඉන්දියාවේ සංචාරය කරන නවසීලන්තය වසර 37ක මේ දක්වා වූ කාලය තුළ එරටදී කිසිදු එක්දින තරගාවලියක ජයක් වාර්තා කිරීමට නොහැකිව සිටියේය.

ඉන්ඩෝහිදී හිදී පැවති මෙම තරගයේ නවසීලන්තය පළමුව පන්දුවට පහරදී ලබාදුන් ලකුණු 338ක ඉලක්කයට පිළිතුරු ලෙස ඉන්දියාවට පන්දුවාර 46කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 296ක් පමණි.

එහිදී විරාට් කෝලි ලකුණු 124ක් රැස්කිරීමට සමත්වුවත් එය ඔවුන්ගේ ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවුණි.

නවසීලන්තය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ සැක් ෆෝක්ස් (3/77) හා ක්‍රිස්ටියන් ක්ලාක් (3/54) කඩුලු 3 බැගින් දවාගත්හ.

Source – Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!