අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට පෙර, වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුවද, කැබිනට් මණ්ඩලය සහ අගමැතිවරියද ප්‍රතිසංස්කරණය කළ යුතු බවට යෝජනා කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසනවා.
රට ගැන සිතන, රට ගැන හැඟීමක් ඇති, ඉතිහාසය ගැන හැඟීමක් ඇති පිරිසක් බවට රට කරවන උදවිය පත්විය යුතු බවයි උන්වහන්සේ සඳහන් කළේ.
ඉතිහාසයක් නොමැතිව බිහිවන්නේ පරවැසියන් බවත්, වත්මන් ආණ්ඩුවේ සිටින්නේද පරවැසියන් බවයි පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
Source – එසැණ







