BREAKING NEWS
Search

සජබ මන්ත්‍රී ජගත්ගේ පුතා රිමාන්ඩ් !

4863

නීති විරෝධීව එකලස් කරන ලද වාහනයක් ළඟතබා ගැනීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතාගේ පුත් රසික විතාන එළැඹෙන මස 01වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඔහු අද (20) මතුගම මහෙස්ත්‍රාත් අසංකා හෙට්ටියාවත්ත මෙනවිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් රසික විතාන මහතා ඊයේ (19) මතුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *