BREAKING NEWS
Search

අපේ රටට හොද කලක්..! මාස 18කට පසු හම්බන්තොට ලුණු නිෂ්පාදනය ඇරඹෙයි..!

8215

ලංකා ලුණු සමාගම මාස 18 කට පසු යළි හම්බන්තොට ලුණු නිෂ්පාදනය ආරම්භ කර තිබෙනවා. මෙවර අපේක්ෂිත ලුණු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 40,000 ක් බවයි ලක් ලුණු සමාගමේ සභාපති ඩී.නන්දන තිලක පවසනවා.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මිට මාස 18 කට පෙර හම්බන්තොට ලුණු නිෂ්පාදනය නතර කිරීමටයි එම සමාගම කටයුතු කර තිබුණේ. (21) උදෑසන සුබ මොහොතින් යළිත් ලුණු නිෂ්පාදනය ආරම්භ කරමින් බුන්දල ලේවායේ ලුණු කැඩීම ආරම්භ වුණා.

පසුගිය වසරේ ලුණු මෙට්‍රික් ටොන් ලක්ෂයක් අපේක්ෂා කළත් ලබාගැනීමට හැකි වී තිබු‍ණේ ලුණු මෙට්‍රික් ටොන් 40,000 ක් පමණයි. අද (22) දිනයේදී හම්බන්තොට මහලේවායේත් ලුණු අස්වැන්න නෙලීම ආරම්භ කරන බවයි සභාපතිවරයා ප්‍රකාශ කළේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *