BREAKING NEWS
Search

අනියම් පෙමක් දුරදිග යාම නිසා ඇයට සිදුවූ හරියක්..? ඇයට අත්වූ කණගාටුදායක ඉරණම ගැන ඇසෙන ඇඟ කිරිපොලා යන කතාව මෙන්න

5553

 

මේ සිද්ධිය ගැන අදත් බොහෝ දෙනා කතා වුණා.. ආදර කතාවක අවසානය හිතන්නේ වත් නැති විදිහට වෙනස් වෙලා..

අනියම් පෙමක් සොයා ගිය ඔවුන්ගේ ජීවිතවල අවසානයේ ඇසෙන්නේ මෙන්න මේ වගේ අන්දෝලනාත්මක කතාවක්..

නාවලපිටිය ඉඹුල්පිටිය වතුයායේ අතහැර දමා තිබූ පාලු බංගලාවක් තුලදී අනියම් බිරිදව ගෙළ කපා ඝාතනය කර සැකකරු ගම්පොළ පොලිසියට ඊයේ දින පස්වරුවේ භාර වී ඇතැයි පොලීසිය පවසනවා..

අනතුරුව සැකකරු ගම්පොල පොලිසිය විසින් නාවලපිටිය පොලිසියට භාරදුන් බව නාවලපිටිය පැවසුවා.. මෙසේ ඝාතනය කර ඇත්තේ නාවලපිටිය ඉඹුල්පිටිය වතුයායේ පදිංචි යෝග මලර් නැමති 39 හැවිරිදි තිදරු මවක්..

ඝාතනයට ලක් වූ කාන්තාව සැකකරු සමග ගම්පොළ පුස්සැල්ලාව ප්‍රදේශයේ මාස 09ක පමණ කාලයක් එකට වාසය කර ජූනි මස 22 වන දින යලිත් තම නීත්‍යානුකූල සැමියාගේ නිවසට පැමිණ සිටියදි ඇය වරින්වර අනියම් සැමියා සමග දුරකථන ඇමතුම් ලබා ගෙන ඇති බවත්, ඇය ගෘහ සේවය සදහා විදේශ ගත වීමට සූදානම්ව සිට ඇති බවත්, එයට අනියම් සැමියාගේ දැඩි විරෝධයක් මතු වී තිබු බව තොරතුරු අනාවරණය වී ඇති බවද පොලීසිය පවසනවා..

ඝාතනයට ලක් වූ කාන්තාව ග්‍රාම සේවක සහතිකයක් ලබා ගැනිමට යන බව අනියම් සැමියාට දැනුම් දී ග්‍රාම සේවා කාර්යාලයට සිය වැඩිමහල් පුතා සමග ගොස් සිටියදී අනියම් සැමියා එම කාන්තාවට දුරකථනයෙන් කථා කර ඇය හමුවීමට පාලු බංගලාවට පැමිණෙන ලෙස දැනුම්දීමෙන් පසු කාන්තාව එම පාලු බංගලාවට ගිය අවස්ථාවේ පිහියකින් ඇගේ ගෙළ කපා ඝාතනය කර තිබුණා..

ලංකාදීප පුවත්පත ඇසුරෙන්..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *