BREAKING NEWS
Search

ජීවන් චාමරගේ දේහය ගමට ගේනවට ගම්මුන්ගේ දැඩි විරෝධය !

30585

පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ කහතුඩුවේදී ඇතිවූ වෙඩි හුවමාරුවකින් මියගිය, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ අවසන් කටයුතු ඔහුගේ ගම් ප්‍රදේශය වූ හංවැල්ලේදී සිදු කිරීමට ප්‍රදේශවාසීන් විරෝධය පළ කර තිබේ.

 

මෙම විරෝධතාව හේතුවෙන්, ඊයේ (27) හෝමාගම, නියැදගල පොදු සුසාන භූමියේදී ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීමට ඥාතීන් පියවර ගෙන ඇත.

ඊට පෙර මළ සිරුර පිටිපන ප්‍රදේශයේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබූ බව කහතුඩුව පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ, විදෙස්ගතව සිටින ‘කොස් මල්ලි’ නැමැති අපරාධකරුගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස සැලකෙන, 41 හැවිරිදි පෝරගේ දොන් ජීවන් චාමර නමැති හිටපු විශේෂ කාර්ය බළකා සෙබළෙකි. හිසට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් සිදුවූ අධික රුධිර වහනය මරණයට හේතුව බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇත.

මියගිය පුද්ගලයාගේ සහෝදරයා විසින් මළ සිරුර භාරගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!