BREAKING NEWS
Search

BYD මෝටර් රථයක මිල ලක්ෂ 30කින් ඉහළට ?

2132

 

මෝටර් ධාරිතා ගැටළුවක් හේතුවෙන් මෙරටට ගෙන්වූ චීනයේ නිෂ්පාදිත BYD විදුලි වාහන 1,000ක් පමණ ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන ගෙන ඇති බව වාර්තා වෙනවා.

රේගුව කිලෝවොට් 100ක මෝටර් ධාරිතාවක් ප්‍රකාශයට පත් කර ඇතත්, මෙම මෝටර් රථවල කිලෝවොට් 150ක මෝටර් ධාරිතාවක් ඇති බවයි රේගුව පවසා ඇත්තේ.

කිලෝවොට් 100ක් මෝටර් රථයක් සඳහා තීරු බද්ද රුපියල් මිලියන 2.4ක්වන නමුත් 150 KW වාහනයක් සඳහා එම බද්ද රුපියල් මිලියන 5.4ක් පමණවන බවද වාර්තා වෙනවා.

තොග හයකින් මෙරටට ගෙන්වා ඇති මෙම මෙම BYD වාහන මෙම මාසයේ දින දෙකකදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එම වාහන මේවන විට වරායේ රඳවා ඇති බවද සඳහන්.

150kW මෝටර් රථයක් සඳහා අදාළ බද්ද 100kW වාහනයකට අය කිරීමට තීරණය කළහොත්, ගැණුම්කරුවෙකුට රුපියල් මිලියන 3ක් පමණ වැඩිපුර ගෙවීමට සිදුවිය හැකි බවටයි වාර්තා වන්නේ.

Source – Asian Mirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!