BREAKING NEWS
Search

පියුමි හංසමාලි සහ තාඹුගලගෙන් කෝටි 42ක බදු අය කර ගැනීම සඳහා නඩු පැවරීමට පියවර

3249

අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල සහ නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලි යන අය බදු පැහැර හැරීමක් සිදුකර ඇති බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන වෙත දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, ඔවුන් විසින් ගෙවිමට ඇති රුපියල් කෝටි 42කට ආසන්න ආදායම් බදු මුදල්, දඩ හා පොලී අය කරගැනීම සදහා මහාධිකරණයේ නඩු පැවරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවයි සඳහන් වෙන්නේ.

2022, 2023 වර්ෂ සඳහා, අවුරා ලංකා සමාගමේ සභාපතිවරයා මිලියන 194ක බදු මුදලක් ද, පියුමි හංසමාලි රුපියල් මිලියන 225 ක බදු මුදලක්ද ගෙවීම පැහැර හැර ඇති බවයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය අධිකරණයට දැනුම් දී ඇත්තේ.

Source – esana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *