BREAKING NEWS
Search

අගමැතිනිය කාදිනල් හිමි හමුවෙයි..!

694

 

ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර සාකච්ඡාවක් අගරදගුරු නිල නිවසේ දී පැවැත්විණි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරිය විසින් කාදිනල් හිමිපාණන් දැනුවත් කර ඇත.

ඊයේ පස්වරුවේ පැවති එම හමුවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, නාලක කලුවැව මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, විදුලි කාර්මික ක්ෂේත්‍රය, වාහන අලුත් වැඩියාව වැනි වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රවල වටිනාකම පැහැදිලි කරමින් එම ක්ෂේත්‍රවල විශේෂඥයින් බිහිකිරීමේ අඩිතාලම නව ප්‍රතිසංස්කරණ යටතේ පාසල තුළම නිර්මාණය කරන ආකාරය පිළිබඳව මෙහිදී අගරදගුරුතුමන් සිය විශේෂ අවධානය යොමු කර තිබේ.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය,
”අපි මුහුණදෙන ප්‍රධාන ගැටලු දෙකක් තිබෙනවා, එකක් තමයි ළමයින් පාසල් පද්ධතියෙන් ඉවත්වීම, පාසල් ළමයින් ලක්ෂ 3ක් මේ පද්ධතියට ඇතුළත් වුණාම ඉන් 40,000ක් පමණ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙනවා. තවත් 30,000ක් පමණ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට හෝ විදේශ අධ්‍යාපනය සඳහා පිටත්ව ගියත් ලක්ෂ එකහමාරකට වැඩි පිරිසක් ඉතුරු වෙනවා. මේක තමයි ලොකුම ගැටලුව, මොකක්ද කරන්නේ මේකට, ඒ සියලුදෙනාට උසස් අධ්‍යාපන අවස්ථා නොලැබුණත් හැකියාවන් සමඟ පාසල්වලින් පිටව යනවා.ඒ වගේම අමාත්‍යාංශයේ ගණනය කිරීම් අනුව සෑම වසරකටම ළමයින් 20,000ක් පාසල් අධ්‍යාපනය අතරමඟ අත්හරිනවා.ඒ විසිදාහෙන් ළමයින් 5,000ක් නීතිවිරෝධි ක්‍රියාකාරකම් සඳහා යොමු ‍වුණොත් ඒක රටට ලොකු විනාශයක්.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *