BREAKING NEWS
Search

“සිටි ඔෆ් ඩ්‍රීම්ස්” කැසිනෝ ශාලාවට නඩුවක්

3484

“සිටි ඔෆ් ඩ්‍රීම්ස් – ශ්‍රී ලංකා” නමින් මීට දින කිහිපයකට පෙර කොළඹදී විවෘත කෙරුණු කැසිනෝ ශාලාවට අදාළව නඩුවක් කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ කැඳවා තිබේ.
මෙම ව්‍යාපෘතියට අදාළව මීට වසර ගණනකට පෙර එළඹුණු ගිවිසුමක් කඩකිරීම සම්බන්ධයෙන් රෑන්ක් එන්ටටේන්මන්ට් සමාගමේ හිමිකරු වන රවී විජේරත්න මහතා විසින් මෙම පෙත්සම ගොනුකර ඇත.

 

මෙහි පළමු වගඋත්තරකාර පාර්ශ්වය වශයෙන් වෝටර් ෆ්‍රන්ට් ප්‍රොපටීස් පෞද්ගලික සමාගමත්, ද

ෙවැනි වගඋත්තරකාර පාර්ශ්වය වශයෙන් ජෝන් කීල්ස් හෝල්ඩිංස් PLC සමාගමත් තුන්වැනි වගඋත්තරකාර පාර්ශ්වය වශයෙන් Melco Resorts & Entertainment Ltd නමැති හොංකොං හි ලැයිස්තුගත සමාගමත්, සිව්වැනි වගඋත්තරකාර පාර්ශ්වය වශයෙන් බ්ලූ හෙවන් සර්විසස් පුද්ගලික සමාගමත් නම්කර ඇති බව සඳහන්​ය.

මෙම ගිවිසුම කඩකිරීමෙන් තමන්ට සිදුවුණු අගතිය සඳහා රුපියල් බිලියන 15 ක

මුදලක් වගඋත්තරකරුවන්ගෙන් අයකර දෙන මෙන් රෑන්ක් එන්ටටේන්මන්ට් සමාගම මෙහිදී අධිකරණයෙන් ඉල්ලා ඇති බවත් වාර්තා විය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතීඥ හර්ෂ කබ්‍රාල් මහතා පෙනී සිටීමට නියමිත ය.

Sourc – Gossip lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *