ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය පක්ෂ ආණ්ඩුවේ “හරිනි – ටිල්වින් පාර්ශ්වය” ලෙස අභ්‍යන්තර බෙදීමක් පිළිබඳව සමාජ මාධ්‍ය සහ දේශපාලන කවයන් තුළ පුවත් සංසරණය වෙද්දී, එහි නායකයන් පිරිසක් සමගින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සිටින ඡායාරූපයක් හදිසියේම සමාජ මාධ්‍ය වෙත මුදාහැරියේ පසුගියදාය. එසේම ආණ්ඩුව තුළම සිටින ජවිපෙ සහ ෆේස්බුක් ක්‍රියාකාරීන් පිරිසක් අගමැතිනිය හරිනි අමරසූරියට ඉල්ලා අස්වන ලෙස බල කරමින් සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන පසුබිමක මෙවැනි ජායාරූපයක් නිකුත් කිරීම ආණ්ඩුව පිළිබඳව ජනතා විශ්වාසය තහවුරු කිරීමක් විය හැකි බවට විවිධ මත පල වුනා.
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය පක්ෂ ආණ්ඩුවේ බෙදීමක් ගැන පැතිර යන පුවත් වලට අද බිමල් රත්නායක ඇමතිවරයා සෘජු පිළිතුරක් ලබා දී තිබෙනවා.
එය පහතින්,







